Transform Yourself – විශිෂ්ටත්වයට හැරවුමක්
About This Course
අපගේ විභවතාවයන් මතු වෙන්නේ සෞම්‍ය ඝෘතූන් වලදී නොව අසීරු අවස්ථාවලදීයි. අසීරු සමයන් අප කවුද යන්න අපට පැහැදිලිව හෙළි කරයි. අසිරූ අවස්ථාවල අපව නැගිටුවන ප්‍රමුඛතම බලවේගය වන්නේ අප තුළ වූ නොසැලෙන විශ්වාසයයි.
සමස්ථයක් වශයෙන් ගතහොත් ආයතන හෝ පුද්ගලයන් තමන් තුළ වූ දක්ෂතාවන්, හැකියාවන් සහ දැනුමෙන් ඉතා ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් සිය ජීවිත කාලය තුළදී භාවිත කරයි. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ බොහෝ පුද්ගලයන් තමන්ගේ අභ්‍යන්තර ශක්තීන් සහ විශ්වාසයන් පිළිබඳ නොදැන සිටීම. එහෙමත් නැත්නම් ඒවා අවතක්සේරු කිරීමයි. තමා හිතනවාට වඩා තමා විශාල පුද්ගලයෙක් බව හඳුනාගත් පුද්ගලයෙක්ට මෙලොව කළ නොහැක්කක් මෙලොව නොමැති බව තහවුරු කිරීම ඔස්සේ එම පුද්ගලයා පමණක් නොව ඔහු හෝ ඇය වටා සිටින පුද්ගලයන්ද, සමාජයද වෙනස් කළ හැකිය.
වෘත්තීය ජීවිතය තුළ සේම සාමාන්‍ය ජීවිතයේදී අසමත් නොවී සමත්වීමටත් 80%ක බලපෑමක් කරන්නේ කෙනෙක් තුළ තිඛෙන කළ නොහැක්ක පරාජය කළ හැකි සිතිවිලි සහ ආකල්ප රටාවයි. එම සිතිවිලි සහ ආකල්ප රටාව රසවත්ව සහ හරවත්ව එන්නත් කිරීම ඔස්සේ සඵලදායි පුද්ගලයෙක් බිහිකිරීමට අවශ්‍ය මඟපෙන්වීම මෙහිදිී සිදුවේ.